කන්තෝරැ 457 ක ලොක්කෝ මැතිසබයට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයේ ආයතන 457 ක ප්‍රධානීන් ලබන 2 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවා ඇත.

පාර්ලිමේන්තුවේ කමිටුවක් හමුවට ආයතන ප්‍රධානීන් එකවර වැඩිම ප්‍රමාණයක් කැඳවෙන පළමු අවස්ථාව මෙයයි.

කෝප් කමිටුවේ කාර්යභාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමේදී මතුව ඇති ගැටලු මෙන්ම ආයතනවල කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවා ඇතැයි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික තොරතුරු ලබාගැනීමද මෙහිදී සිදුකෙරේ.

සෑම ආයතනයකම සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *