කතානායක විශ්වාසභංගෙ දා මන්ත්‍රී පිල් මාරුවක්?

කතානායක මහින්ද  යාපා අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට මේ දිනවල රහස් සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මුල් පෙළේ දේශපාලනඥයන් සිවු දෙනකුගේ  නිවෙස්වල මෙම සාකච්ඡාවට වට පැවැත්වී ඇත

ඡන්ද විමසීමදා විරුද්ධ පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට කැඳවා ගැනීම  ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේත් ප්‍රධාන ඉලක්කයවී ඇත.

මේ අතර මේ පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් ගණනාවක් ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ප්‍රතිඵලය  තමන්ට වාසිදායක ආකාරයට ලබාගතහොත්  ඉදිරි ඡන්ද වලදීඑය ප්‍රචාරක මෙවලමක් ලෙසද පාවිච්චි කළ හැකි බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් කිහිප දෙනකු සිය මන්ත්‍රීවරුන්ට පෙන්වාදී ඔවුන් දිරිමත් කර ඇතැයි  දැනගන්නට ඇත.

කතානායකවරයාට එරෙහි  විශ්වාසභංග යෝජනාව  ලබන 19 සහ 20 දිනවල විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *