ඔලිම්පික් රන් පදක්කමට රුපියල් කෝටි 10ක තෑග්ගක්

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ හා දිරිගැන්වීමේ පියවරක් ලෙස, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 100ක (රුපියල් කෝටි 10ක) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය මඟින් යෝජනා කර තිබේ.
ඊයේ (12) පාර්ලිමේන්තුව හමුවේ 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවලදී රන් පදක්කම් දිනාගන්නා ක්‍රීඩකයින් වෙනුවෙන් පිරිනැමෙන දැවැන්ත මූල්‍ය ත්‍යාග මාලාවක් ප්‍රකාශයට පත් කළේය.
රන් පදක්කම් ජයග්රාහකයින්ට හිමිවන ත්‍යාග මුදල්:
ඔලිම්පික් ක්‍රීඩා උළෙල: රුපියල් මිලියන 100 (කෝටි 10)
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය: රුපියල් මිලියන 100 (කෝටි 10)
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල: රුපියල් මිලියන 75 (කෝටි 7.5)
ආසියානු ක්‍රීඩා උළෙල: රුපියල් මිලියන 50 (කෝටි 5)
සාක් (SAARC) ක්‍රීඩා උළෙල: රුපියල් මිලියන 15 (කෝටි 1.5)
මීට අමතරව, මෙම ප්‍රධාන තරගාවලිවලදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම වෙනත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලදී විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ටද ඊට අනුරූප වන පරිදි ඉහළ මූල්‍ය ත්‍යාග පිරිනැමීමට රජය යෝජනා කර ඇත.
2027 වසරේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා ක්ෂේත්රයේ සමස්ත සංවර්ධනය උදෙසා අයවැයෙන් වෙන්කර ඇති රුපියල් මිලියන 8,500ක පුළුල් ප්රතිපාදනයේ කොටසක් ලෙස මෙම දිරිගැන්වීම් ක්‍රියාත්මක කෙරේ.




