කැනඩාවේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ ශ්‍රී ලාංකිකයින් 05 දෙනා ඇතුළු 6දෙනාගේ සිද්ධියේදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු ධනුෂ්ක වික්‍රමසිංහගේ තත්ත්වය ගැන මේ වනවිට අනාවරණය වී තිබේ.
සිද්ධියෙන් මියගිය දරුවන්ගේ පියා වන්නේ ධනුෂ්ක වික්‍රමසිංහ ය.
කැනේඩියානු බෞද්ධ කොංග්‍රසයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු,
“මම හිතන්නේ ඔහු පීඩාවිඳින කම්පනයෙන් මිදීමට තවත් වසර ගණනාවක් ගත වෙයි. මානසික වශයෙන් හොඳ තත්ත්වයක් පසුනොවන බවයි මට කිව හැක්කේ.”
මියගිය අයගේ අවමංගල්‍ය උත්සවය අද (17) පස්වරුවේ ඔටාවාහීදී පැවැත්වීමට නියමිතය.
අවමංගල්‍ය උත්සව අවස්ථාවට එක්වන ජනතාව වෙනුවෙන් ශෝක ප්‍රකාශයන් සටහන් තැබීමට අවස්ථාව උදාකර ඇති අතර ඔවුන් වාසය කළ නිවස අසල උද්‍යානයේ පසුගියදා පැවැති අනුස්මරණ අවස්ථාවේදී ජනතාව තැබු සටහන් සහ සෙල්ලම් භාණ්ඩ ඇතුළු දෑ හිල්ඩා ජයවර්ධනාරාම බෞද්ධ විහාරය වෙතට ලබාදීමටද නියමිතය.
නාරද කොඩිතුවක්කු,
“ඔටාවා ජනතාව එම අවස්ථාවේ ලබාදුන් සහාය මේ අවස්ථාවේදී ඔහුට ශක්තියක් ලබාදුන්නා. ඒ වගේම ධනුෂ්කට ඔටාවා ජනතාව ලබාදුන් සහාය වගේම කැනේඩියානුවන් ලබාදුන් සහාය සහ ශ්‍රී ලාංකිකයන් ලබාදුන් සහාය වෙනුවෙන් ඔහු ස්තූතියද පළකර සිටියා.”