ඔක්තෝබර් 1 සිට ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත ප්‍රකාශන ක්‍රමය ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල් සැකසුම් ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව පද්ධතිය සහ එමගින් වෙළෙඳ ක්ෂේත්‍රයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු 18 වැනිදා ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රේගුවේ සහ ලංකාපේ ආයතනයේ නිලධාරීන් විසින් ඩිජිටල් අත්සන්, ඒවා ලබාගැනීමේ ක්‍රියාවලිය සහ රේගු ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ඒවා භාවිත කරන ආකාරය පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කර තිබේ.

ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ප්‍රධානී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතාද මෙම වැඩසටහන අමතමින් රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදහස් දැක්වීය.

රජයේ රේගුවේ කඩදාසි රහිත ලේඛන සැකසුම් වැඩසටහනට සමගාමීව ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *