දූෂණ විරෝධී පනත ශක්තිමත් කිරීමට සංශෝධන පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත අගෝස්තු 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දූෂණ වැළැක්වීම, විමර්ශනය සහ නඩු පැවරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම රාජ්‍ය අංශයේ විනිවිදභාවය, වගවීම සහ යහපාලනය වැඩිදියුණු කිරීම මෙම සංශෝධනවල අරමුණ බවයි.

දැනට ක්‍රියාත්මක නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත් නීතිමය සහ අර්ථ නිරූපණ ගැටලු විසඳීම සඳහාද සංශෝධන යෝජනා කර තිබේ. සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර පවතින නොගැළපීම්ද ඊට ඇතුළත්ය.

එමෙන්ම දූෂණ සම්බන්ධ විමර්ශන සහ නඩු පැවරීම්වලදී මතුවන ප්‍රායෝගික හා තාක්ෂණික ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ (CIABOC) පරිපාලනය සහ මධ්‍යගත විද්‍යුත් පද්ධතිය හරහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධ කරුණුද සංශෝධන මගින් ආවරණය කර ඇත.

රජය පවසන්නේ මෙම සංශෝධන මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට සිය කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් වන අතර, දූෂණ විරෝධී පනත වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *