එ.ජා.ප. නව නියෝජිතයින් පත් කිරීම අද

සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත්පාලන ආයතන නියෝජිතයින් වෙනුවට නව නියෝජිතයින් පත්කිරීම අද දිනයේ සිදුකිරීමට නියමිතය.

සමගි ජන බළවේගයට සහය දැක්වීම හේතුවෙන් මහ නගරසභා, නගර සභා සහ ප්‍රාදේශීය  සභා මන්ත්‍රීවරු 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබීය.

එම 69 දෙනා වෙනුවට නව මන්ත්‍රීවරු පිරිසක් අද දිනයේ දිවුරුම් දීමට නියමිත අතර එය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

අද උදෑසන සිරිකොත පිහිටි පක්ෂ මූලස්ථානයේදී එම උත්සවය සෞඛ්‍ය රීතිවලට යටත්ව පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර මොවුන්ට අමතරව ඉල්ලා අස්වූ මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට නව සභිකයින් පත්කිරීමට ද නියමිතව තිබේ.

සමගි ජන බලවේගය හා එක්වුණු පළාත් පාලන ආයතන සභිකයින් මැතිවරණ කොමිෂන් සභාවේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඉවත් කෙරුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *