සමගි

එක තැනක වාඩි වෙලා සංවාදයක් කරන්න සජිත් අගමැතිට ආරාධනා කරයි

විනිවිදභාවයෙන් යුතු ප්‍රසිද්ධ සංවාදයක් කිරීමට සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේ. ඒ රටේ පාලනයට සුදුසු කවරෙක්දැයි ජනතාවට තෝරා ගැනීම සදහායි. සජිත් ප්‍රේමදාස මහතා මෙම ආරාධනාව කර ඇත්තේ ඊයේ (22) බදුල්ලේ පැවති ජන හමුවකදීයී.

සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ එවැනි සංවාද පැවැත්වීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ලක්ෂණයක් වන බවයි. වැඩි දුරටත් එම ජන හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“ආර්ථිකය ගොඩ එනතුරු දුක් විඳින ජනතාවට රුපියල් 20,000 දීමනාවක් දිය යුතුයි කියලා අප කියනවා. ඒ විතරක් නෙවෙයි අපි ඒක ක්‍රියාත්මක කරනවා. මා අගමැතිවරයාට කියනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන හැටි, මේ රටේ ආර්ථිකය ගොඩනගන හැටි හැටි, මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන හැටි ගැන අපි ඇවිල්ලා එක තැනක වාඩි වෙලා සංවාද කරමුයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *