අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ සියලුම විශ්‍රාමිකයින් ලබා දීමට අනුමැතිය හිමිවේ

රාජ්‍ය සේවයේ යෙදී මේ වන විට විශ්‍රාම ගොස් සිටින ලක්ෂ 6ක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් හට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට ඊයේ (22) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වේ.

අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ මින් පෙර හිමිවූයේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට පමණක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සමස්ත විශ්‍රාමිකයන්ගෙන් 10% ක ප්‍රමාණයකි. ඒ අනුව එම විෂමතාව ඉවත් කොට විශ්‍රාම ලැබු සියලුම රාජ්‍ය සේවකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලැබෙන ලෙසට රක්ෂණ ක්‍රමය තව දුරටත් පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මේ යටතේ රජයේ සේවකයින් ට සහ සියලු විශ්‍රාමිකයින් ට ගුණාත්මක අගයෙන් යුත් ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි වන අතර විශේෂ වූ සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීමට ද රජයේ අවධානය යොමුව තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් තොරතුරු වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *