විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ගෝලීය නිරායුධකරණය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව සඳහා රටෙහි දැඩි කැපවීම යලි තහවුරු කරමින් පෙබරවාරි 23 වන දින ජිනීවාහි පැවති නිරායුධකරණය පිළිබඳ සමුළුවේ (CD) ඉහළ පෙළේ කොටස ඇමතීය.
අමාත්‍ය හේරත් සිය ප්‍රකාශයේ දී, න්‍යෂ්ටික අවිවලින් තොර කලාප (NWFZs) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රබල සහයෝගය අවධාරණය කළ අතර, විශේෂයෙන් මැද පෙරදිග එවැනි කලාප පිහිටුවීමේ ප්‍රගතිය ඉල්ලා සිටියේය. න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහිව ඇති එකම සහතිකය ලෙස න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තුරන් කිරීම සහ ප්‍රගුණ නොකිරීම බව ඔහු අවධාරනය කරමින්, න්‍යෂ්ටික අවි නොවන රාජ්‍යයන් සඳහා නීත්‍යානුකූලව ආරක්ෂක සහතික කිරීමේ වැදගත්කම අවධාරනය කළේය.
අමාත්‍ය හේරත් 1978 දී නිරායුධකරණය පිළිබඳ පළමු විශේෂ සැසිවාරය වෙනුවෙන් පෙනී සිටීම ඇතුළුව 1960 ගණන්වල සිට දිවෙන ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රය සඳහා ශ්‍රී ලංකාවේ ඓතිහාසික දායකත්වය ඉස්මතු කළේය. පොකුරු බෝම්බ.
ගෝලීය නිරායුධකරණය සහ ප්‍රගුණනය වැළැක්වීමේ ප්‍රයත්නයන් සඳහා මූලික සාකච්ඡා සංසදය ලෙස නිරායුධකරණය පිළිබඳ සමුළුව ශක්තිමත් කිරීම සඳහා නව බහුපාර්ශ්විකත්වය ඉල්ලා සිටිමින් අමාත්‍යවරයා අවසන් කළේය.


