එකම පවුලේ හතර දෙනෙකු රටම හඬවමින් අවසන් ගමන්

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් ඊට යටවී මියගිය එකම පවුලේ සිව්දෙනාගේ අවසන් කටයුතු අද (07) සිදු කෙරුණි.

ඥාතී නිවසක තැන්පත් කර තිබූ දේහයන් ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් දෙවනගල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එහි අවසන් කටයුතු සිදුකර තිබුණි.

රටම කම්පා කරමින් සිදුවූ මෙම ඛේදවාචකයට නතු වූයේ එම නිවසේ ජීවත් වූ 57 හැවිරිදි පියා, 53 හැවිරිදි මව, 34 හැවිරිදි පුතා සහ අවුරුදු 23ක් වූ දියණියයි.

ඉකුත් 05 වනදා ඔවුන් එම අනතුරට මුහුණ පා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *