බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තිබූ දේහයක් අවසන් කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට නියෝග කළේය.
මියගිය පුද්ගලයා ඇල්ෆ්‍රඩ් හවුස්හි ඔහුගේ අක්කගේ නිවසේ මාස තුනක පමණ කාලයක සිට නතර වී සිට ඇති බවත් ඔහුගේ මරණය 10 වැනිදා සිදුව ඇති බවත් කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය.
මියගිය පුද්ගලයාගේ බිරිඳ වූ මායා දිලුක්ෂි සිය ස්වාමිපුරුෂයා මරණය සැක සහිත බවට පොලිසියට පැමිණි කළ බවත් සිය සැමියාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව ඇය දැනුම්දුන් බවත් කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි ලලිත් සේනානායක නම් පුද්ගලයෙක් බවත් වකුගඩු සහ හෘදයාබාධ රෝගයකින් ඔහු පෙළී ඇති බවත් කොල්ලුපිටිය පොලිසිය පැවැසුවේය.
බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක අවසන් කටයුතු සඳහා සූදානම් කර තිබී පොලිස් බාරයට ගත් මෘත දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) උදෑසන සිදුකිරීමට නියමිත බව කොල්ලුපිටිය පොලිසිය පැවසුවේය.
මියගිය ලලිත් සේනානායකගේ සියලුම වෛද්‍ය වාර්තා රැගෙන මරණකරුගේ අක්කාට අද(14) පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවද කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය