උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දැමීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලා සිසුන් කණ්ඩායමක් ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය  ප්‍රතික්ෂේප කළේය.

නියමිත කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පෙත්සම්කරුවන්, විභාගය කල් දැමීම අත්‍යවශ්‍ය බව පවසමින් අධිකරණ මැදිහත්වීමක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සම පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ මූලික විරෝධතා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළ අතර, ඒ අනුව උසස් පෙළ විභාගය නියමිත කාලසටහනට අනුව පැවැත්වීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *