උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *