ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත මෙවර උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදුකළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන බව ද අමාත්‍යවරයා පැවසීය.