මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දීමට හැකිවනු ඇතැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසයි.
ඔහු යාපනයේදී මේ බව පවසා ඇති අතර පක්ෂ සාමාජිකයින් හමුවී පැවති සාකච්ඡාවකදී එසේ අදහස් පළකර ඇත. එහිදී මන්ත්‍රී වරයා පවසා සිටියේ උතුරු නැගෙනහිර බහුතරයක් රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති බැවින් අදාළ පිරිස වෙනුවෙන් මෙවර ජන්දය ප්‍රකාශ කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ තීරණය ලබාදෙන බවයි.
දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ මේ සතිය තුළදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව කුමන ජනාධිපති අපේක්ෂකයාට සහාය දෙන්නේදැයි තීරණය කරන බව කියා සිටි මන්ත්‍රීවරයා යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත්ව දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ පැවත්වෙන සාකච්ජාවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි කියා සිටියේය.
රට බෙදන යෝජනා 13ක් රැගත් කොන්දේසි මාලාව ගෝඨාභය රාජපක්ෂ මහතා එකහෙළා ප්රතික්ෂේ කළ අතර මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කොන්දේසිවලට එකඟ නොවන බව කීවද අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප නායකයින් දෙමළ පක්ෂවල සහාය තමන්ට ලබාගැනීමට සියලු දේ කරන බව කියා ඇත.
Love the website– extremely user friendly and great deals to see!|