උණුසුම් පොලිස් සහ ප්‍රදේශවාසී ගැටුමක්

බොරැල්ල සහශ්‍රපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

පොලීසිය පැවසුවේ එම සිදුවීම අද උදෑසන 6.30ට පමණ සිදුවූ බවය.

කෙසේවුවද මහත් පරිශ්‍රමයක් දරා සැකකරුව හෙරොයින් ග්‍රෑම් 4ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

ප්‍රදේශවාසීන් සමග ඇතිවූ සිද්ධියේදී එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා
වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *