“උණ්ඩියල්” ක්‍රමය ඔස්සේ නීති විරෝධී මුදල් ගනුදෙනු සිදුකළ බවට සැකපිට 19 හැවිරිදි තරුණයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 18 වැනිදා සවස දම් වීදිය පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ වැටලීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී මූල්‍ය ගනුදෙනුවල නිරත පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරු සන්තකයේ තිබූ රුපියල් මිලියන 10.467ක මුදල උපයාගත් ආකාරය සම්බන්ධයෙන් සතුටුදායක පැහැදිලි කිරීමක් ලබාදීමට ඔහු අපොහොසත් වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන්ද ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.


