22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් තුනක පිටපත් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ලැබී තිබේ.
එමෙන්ම, අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අදාළ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ වෙනම පෙත්සමක පිටපතක්ද කථානායකවරයා වෙත ලැබී ඇත.
මෙම පෙත්සම් ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.


