මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 19,567 දෙනෙකුට ලබා දී ඇත.
ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් නව ලක්ෂ 89,574 දෙනෙකුට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
මේ අතර ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට තවත් පුද්ගලයින් 487 දෙනෙකුට ලබා දී ඇත.
මේ දක්වා කාලය තුළ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 53,789 කි.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 64,986ක් වේ.
ඒ අනුව ඊයේ දිනය නිමාවන විට මෙරට පුද්ගලයින් දහනව ලක්ෂ 79,802 දෙදෙනෙකුට මෙරට භාවිත වන කුමන හෝ කොවිඩ් එන්නතක පළමු මාත්‍රාව ලබා දී අවසන් බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.