tiran

ඉවරම කරනවා…ටිරාන් තදින්ම කියයි

කුමන තරාතිරමක කාගෙන් බලපෑම් එල්ලවුවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ක්‍රියාවලිය අඩියක් හෝ ආපස්සට නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.

කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ මෝදර පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ අරමුණින් එහි සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත් වුණි.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඊට එක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, කිසිම යුක්තිගරුක පුද්ගලයෙකුට මෙම වැටලීමේ මෙහෙයුම්වලට විරුද්ධ විය නොහැකි බවය.

“කවුරු බලපෑම් කරන්න ආවත්, මම මේ ඇමතිකමේ ඉන්නකල් කාටවත් බලපෑම් කරන්න දෙන්නේ නෑ. අද මං දැක්කා දාලා තියෙනවා මම කිව්වා කියලා මිනිස්සු මරන්න කියලා. මම කිව්වේ මිනිස්සු මරන්න නෙමෙයි. අපේ පොලීසිය ඔපරේෂන් කරනකොට අපිට ගැහුවොත් අපිටත් ගහන්න වෙනවා. ඒ දේ මම කිව්වා. අපිට එහෙම තීරණයක් අරගෙන මේ වැඩ කටයුත්ත කළේ නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් ඉවර කරන්න වෙන්නේ නෑ. ඉස්සර ලොකු කුඩුකාරයෙක් ඇල්ලුවහම බලවතෙක්ගෙන් කෝල් එකක් එනවා. අරින්න කියලා. මට එකක් කියන්න පුළුවන් අපේ ජනාධිපතිතුමත් මාත් ඉන්න කල් එවැනි දේවල්වලට අපි ඉඩ තියන්නේ නෑ. සමහර නීතිඥවරු ගැන මම කතා කළා කියලා සමහර නීතිඥවරු කලබල වෙලා. මං කිව්වේ ඇත්ත. අපේ රටේ ඉන්නවා ලොකු නීතිඥ මහත්වරු. කුඩු නඩු ගෙනාවහම අපිට ඒවා භාරගන්න බෑ කියනවා. නමුත් අතලොස්සක් ඉන්නවා මිලියන, බිලියන ගණන්වලට ඒවා කතා කරනවා. ඒ අය කියනවා ඕන නඩුවක් කතා කරන්න අයිතිය තියෙනවා කියලා. මාත් කියනවා එහෙම තියෙනවා. නමුත් ඒවා සදාචාරාත්මකද කියන එක තමා මම කිව්වේ. වැඩබලන පොලිස්පතිව පත් කරනකොට අපි මොන තරම් ප්‍රශ්න තිබුණ ද? ජනාධිපතිතුමාට මොන තරම් පෙෂර් එකක් දුන්නද පිට මිනිස්සු. ඒ අය කවුද කියලා මම බලාගෙන යනකොට, එයාලා තමා මේ කුඩු නඩුවලට කතා කරන නීතිඥ මහත්වරු. ඔය කවුරු පහරදුන්නත් මට මම අඩියක්වත් පස්සට ගන්නේ නෑ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *