ඉන්දු-ලංකා වෙළෙඳාම දෙපැත්තටම වාසි වෙන්න හදනවා – ජනාධිපති රනිල්

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ද විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද සහභාගී වූහ .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ඉන්දු- ශ්‍රී ලංකා සබඳතාවන්හි මෑතකාලීන විශේෂ අවස්ථා ඇතුළත් “මෛත්‍රී” සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *