ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ලංකාවේ පිතිකරණ පුහුණුකරු ධුරයට

ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වික්‍රම් රත්තෝර් මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

2026 විස්සයි 20 ලෝක කුසලානය සඳහා කණ්ඩායමේ සූදානම කෙරෙහි මූලික අවධානය යොමු කරමින්, උපදේශන පදනමක් මත ඔහු පත් කර ඇත.

ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරඟ සඳහා ඉන්දියාව නියෝජනය කළ හිටපු ඉන්දීය ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු වන රත්තෝර් 2026 ජනවාරි 18 වන දින රාජකාරි භාර ගන්නා අතර 2026 මාර්තු 10 වන දින දක්වා කණ්ඩායම සමඟ රැඳී සිටිනු ඇත.

ඔහු මීට පෙර 2019 සැප්තැම්බර් සිට 2024 ජූලි දක්වා සියලුම ආකෘතීන් හරහා ඉන්දීය පිරිමි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළේය. ඔහු දැනට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රාජස්ථාන් රෝයල්ස් සමඟ ප්‍රධාන සහකාර පුහුණුකරු ලෙස සේවය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *