ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව ගාලු මුවදොර වෙරළ පිරිසිදු කරයි

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් INS TIR, INS SUJATA නෞකා සහ ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන ICGS SARATHI හි නිලධාරීන් හා නාවිකයන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව අද (ඔක්තෝබර් 27) කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

නෞකා කාර්ය මණ්ඩල, පුහුණුව ලබන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් සාමාජිකයන් එක්ව මෙම වැඩසටහනට සහභාගී වූහ.

එහිදී ගාලු මුවදොර වෙරළ තීරයේ තැනින් තැන විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකතු කර ඉවත් කිරීමට කටයුතු කෙරිණි. එම අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම ද වැඩසටහන යටතේ සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *