ඉන්දියාව පරාජය කරමින් ආසියානු යොවුන් කුසලානය පාකිස්තානයට

ආසියානු යොවුන් කුසලානය ජයග්‍රහණය කිරීමට පාකිස්තාන යොවුන් ක්‍රීඩකයන් මීට සුළු  මොහොතකට පෙර සමත් විය.

ඒ අවසන් මහා තරගයේදී ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් ලකුණු 191කින් පරාජයට පත් කරමින්ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 347ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26 පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 156ක් පමණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *