ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව නිවේදනයක්

ඇෆ්ගනිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙක් මේ වනවිට එරටින් ඉවත්කරගෙන ඇති බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.

එම අමාත්‍යංශය පැවසුවේ තවත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙක් එරටින් පිටත්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

මේ අතර ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඇෆ්ගනිස්තානයේ රැඳීසිටිමට තීරණයකර ඇති බව එම අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහාය ඇතිව ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලංකික  පුරවැසියන් ඉවත්කරගැනීම සඳහා පහසුකම් සැලසූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *