ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධව නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණු අතර ඊට අදාලව ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
එම පැමිණිල්ල පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු අද දිනයේ පළමු වරට ආරම්භවේ.