ඇවන්ගාඩ් සභාපති රට හැර යයි.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් අද පෙරවරු 08.20 ට මාලදිවයින බලා යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-102 දරණ ගුවන් යානයෙන් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

එම අවස්ථාවේදී ගුවන් තොටුපළේ පරිගණක පද්ධතිය සහ ආරක්ෂක කැමරා පද්ධතිය ඇණ හිට ඇති අතර, කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය හරහා යානයට ඇතුළු වීමට පිරිස කටයුතු කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක අංශ ද පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *