එංගලන්ත කණ්ඩායමේ සුපිරි පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
34 හැවිරිදි වියේ පසුවන ඇලෙක්ස් හේල්ස් විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරග 156කට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
එහිදී ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී ඇති ලකුණු සංඛ්‍යාව 5066කි.
එසේම ඇලෙක්ස් හේල්ස් පසුගිය නොවැම්බර් මාසයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ජයගත් කණ්ඩායමද නියෝජනය කළේය.
සිය සමුගැනීමට පිළිබඳව නිවේදනය කරමින් ඇලෙක්ස් හේල්ස් පවසා ඇත්තේ තමන් තවදුරටත් ෆ්‍රැන්චයිස් තරග සඳහා එක්වන බවය.