ආරක්ෂක නි.ඇමති ජනතාවගෙන් උදව්වක් ඉල්ලයි

එදා ත්‍රස්තවාදය මර්දනය කිරීමට මහජන සහාය ලැබුණා සේ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමටත් මහජන සහාය අවශ්‍ය බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මත්ද්‍රව්‍ය ජාවාරම තනියම සිදුවෙන්නේ නැහැ. ඒකට අපරාධ ජාලයක් සමග බද්ධ වීම අවශ්‍යයි.මේවාට දේශපාලකයන් ආරක්ෂාව සැපයූ අයුරු අප දුටුවා.සංවිධානාත්මක අපරාධ ජාලය රට පුරා පැතිරුණේ මේ නිසයි.අවසානයේ අපේ පාසල් පද්ධතියටත් මෙය නරක ලෙස ගියා. මේවාට රජයේ සේවකයන් මෙන්ම ව්‍යාපාරික ආයතන කිහිපයක්ද ඉන්නවා.බන්ධනාගාරයට නියම වූ රැඳවියන්ගෙන් සියයට 70ක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය.මොන නීතිය තිබුණත් මේ මත්ද්‍රව්‍ය මර්දනය කරන්න මහජන සහාය අවශ්‍යමයි.එදා ත්‍රස්තවාදය පරාජය කරන්න හැකියාව ලැබුණේ මහජන සහය නිසයි. මේ ව්‍යසනයත් ඒ වගේම තමයි” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *