ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිට සමාජගත වී විවාහ අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන්, ඒ සඳහා ක්‍රමානුකූලව හා විධිමත්ව සූදානම් කිරීමේ අරමුණින් ස්ථාවර හා ආරක්ෂිත නිවසක් තනා ගැනීමට හැකි වන පරිදි රුපියල් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීම සඳහා 2025 අයවැය යෝජනාවක් අනුව රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
අදාළ කාර්යය සඳහා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති නිර්ණායක මත පදනම්ව පහත සඳහන් කණ්ඩායම්වලට අයත් වූවන් වෙත මූල්‍යාධාර ලබා දීම සඳහා ජනාධිපතිවරයා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


