මෑතකදී ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානි වූ බංගදෙණිය–ආණමඩුව මාර්ගයේ පල්ලම ප්‍රදේශයේ කොටස අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ හානියට පත් මාර්ග කොටස් යථා තත්ත්වයට පත්කර ජනතාවට ආරක්ෂිත හා පහසු ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 150කට අධික මුදලක් වෙන්කර ඇති බවයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මෙන්ම පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වන චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජනක මහතා, ප්‍රාදේශීය නියෝජිතයන්, පල්ලම ප්‍රාදේශීය ලේකම්වරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
දෛනිකව ගමන් කරන ජනතාව සඳහා වැදගත් මාර්ගයක් වන බංගදෙණිය–ආණමඩුව මාර්ගය ප්‍රදේශයේ ආර්ථික හා සමාජ කටයුතු සඳහාද ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකිරීමෙන් ප්‍රදේශවාසීන් මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතා අවම කර දිස්ත්‍රික්කයේ සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


