2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම ලබන අගෝස්තු 20 වැනිදා ආරම්භ කර අගෝස්තු 25 වැනිදා වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්විණි.
ප්‍රශ්න පත්‍ර ඇගයීම සහ ඊට අදාළ අනෙකුත් ඇගයීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


