ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අඛණ්ඩව වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා එම ස්ථානයට පැමිණ තිබේ.

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා, බලධාරීන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන තුරු විරෝධතාව අත්නොහරින බව ප්‍රකාශ කර ඇත.

අධික වර්ෂාව මධ්‍යයේ වුවද කොළඹට පැමිණි භික්ෂූන් වහන්සේලා සිය විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන යන අතර, මේ වන විට අදාළ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *