ආපදා කඳවුරු වල පිහිටට ’’ආරෝග්‍ය’’ එයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ආරෝග්‍යා සෞඛ්‍ය සායනය ආපදා සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය කියයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඈත පිහිටි දුෂ්කර පළාත් වල ජනතාව වෙනුවෙන් මෙම ආරෝග්‍යා සුව සායනය මීට පෙර පැවැත්වීය.

ආරෝග්‍යා සුව සායනය කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා කීය.

සුරක්ෂිත කඳවුරු වල  ජනතාවට වැළදෙන උණ රෝග, චර්ම රෝග, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා දීම ද, මී උණ සඳහා ප්‍රති ඖෂධ ලබා දීම ද, රුධිර පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව සඳහා ප්‍රතිකාර ලබා දී ඒ සඳහා ඖෂධ ලබා දීම ද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *