ආදරවන්තයින්ගේ දිනය ඉලක්ක කර සිදු කරන වංචනික ක්‍රියාවක් පිළිබඳව දැනුවත් කිරීමක්

ආදරවන්තයින්ගේ දිනය ඉලක්ක කර ගනිමින් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ මහතා පවසා සිටින්නේ හෙට (13) හෝ අනිද්දා දිනයේ තරුණ තරුණියන්ගේ දුරකතන හෝ සමාජ මාධ්‍ය වෙත කෙටි පණිවිඩයක් ලැබිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා මෙසේ කරුණු පැහැදිලි කර සිටියේය.

“හෙට හෝ අනිද්දා ඔබේ දුරකථනයට හෝ සමාජ මාධ්‍ය ජාලා ගිණුමට පණිවුඩයක් ලැබෙන්න පුළුවන් ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙසටත්. එසේත් නැතිනම් යම් භාණ්ඩ බෙදාහරින සේවාවකට මුදලක් තැන්පත් කරන ලෙසටත්. බොහෝ විට වංචනික ක්‍රියාකරන පුද්ගලයින් මෙවැනි දෑ සිදුකරන්න පුළුවන්. එවැනි ක්‍රියාවලට හසුවෙන්න එපා කියලා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට එවැනි පණිවුඩයක් ලැබුණු වහාම එය නැවත වතාවක් පැහැදිලි කරගැනීමකින් තොරව මුදල් ලබාදීමට කටයුතු කරන්න එපා. ඔබත් අන්තර්ජාල අපරාධයක වින්දිතයෙකු බවට පත්වෙයි. අන්තර්ජාලය ඔස්සේ එවැනි දැන්වීම් පළකරන පුද්ගලයින් පිළිබඳව පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *