ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට සමගි ජන බලවේගය සමග එකතුවන ලෙසට එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ආරාධනා කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මැතිවරණ කාලෙත් වේදිකාවේ හූ තිබ්බා. ඡන්දෙන් පස්සෙත් ඊට වඩා හූ තියවලා තියෙන්නෙ. වැඩක් නැති ඇමතිකම් දීලා, තනතුරු නැතුව කෙනෙහිලිකම් වලට මුහුණ දෙනවාට වැඩිය හොඳයි මහත්වරු වගේ ආත්ම ගරුත්වය රැකගෙන හොද දේශපාලන පක්ෂයක් වන අපිත් එක්ක එකතු වෙන්න. සමගි ජන බලවේගය හදන පොදු වේදිකාවට ඉදිරියේදී විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා හා එකතු වෙනවා. ඒ හයියට එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”