අශෝක් අබේසිංහට අද සී.අයි.ඩී.යට එන්නැයි යළිත් දන්වයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශෝක් අබේසිංහ මහතාට ඊයේ (08) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිටි මුත් ඒ මහතා පැමිණ තිබුණේ නැත. ඒ අනුව අද දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසටයි ඒ මහතාට යළි දැනුම් දී ඇත්තේ. මේ සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 109 (06) වන්තිය යටතේ ලිඛිතව දන්වා යැවූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ.

සමගි ජන බලවේගය පක්‍ෂයේ අභ්‍යන්තර ජනහමුවකදී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවත්, ඒ සදහා මුදල් වැය කරනු ලැබුවේ ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *