අවුරුදු පහක දැරියකට ලිංගික අතවර කළ අයෙක් සවල් පහරකින් මරුට

වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට එම දැරියගේ පියා සහ මාමා විසින් සවලකින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා මිය ගොස් තිබේ. ඊයේ (10) රාත්‍රියේ මොරොන්තුඩුව ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

දැරියගේ පස්වන උපන්දිනයට අදාළව සාදයක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබී ඇති අතර එම සාදයට පැමිණි පුද්ගලයෙකු විසින් දැරියට ලිංගික අතවර කරන බව ඇයගේ පියා සහ මාමා දැක තිබේ. අනතුරුව ඔවුන් දෙදෙනා විසින් අදාල පුද්ගලයාට සවලකින් පහර දී ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පියා සහ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *