විවිධ හේතු නිසා ඩිපෝවල ගාල්කර ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 250 ක් අලූත්වැඩියා කර ජනතා අයිතියට පත්කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලූ මුවදොරදී සිදු කෙරේ.
මෙම බස්රථ ශ‍්‍රී ලංකා පොදුජන සේවක සංගමයේ මැදිහත්වීමෙන් අලූත්වැඩියා කරන ලද අතර, ප‍්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා වෙත භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම බස් රථ අවශ්‍යතාව ඇති ඩිපෝවලට අද දිනයේ භාරදීමට නියමිතයි.