අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් බැලීමට යයි

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවූ ගැටුමේදී තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණියේය.

පරීක්‍ෂණයේදී තුවාල ලැබූ නිලධාරීන්ට ලබා දෙන ප්‍රතිකාර සහ ඔවුන් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම් පිළිබඳව අමාත්‍යවරයා වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මේ වන විට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 54 දෙනෙකු ද වෛද්‍ය ප්‍රතිකාර ලබනවා.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වන අතර, ඉන් රැඳවියන් 19 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ද ඇතුළත් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අනාවරණය කළේය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *