අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව නවතී

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත පුද්ගලික බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර තිබේ. ඒ අනුව සිය ඉල්ලීම්වලට සතියක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් යළි වැඩ වර්ජනය සිදුකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි.

ඊයේ (11) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවයි අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *