සුපිරි නළු අමිතාබ්ට හා පුත් අභිෂේක්ට කොරෝනා ආසාධනය වේ

සුපිරි බොලිවුඩ් නළුවකු වන අමිතාබ් බච්චන් හා බොලිවුඩ් නළුවකු වන ඔහු ගේ පුත් අභිෂේක් බච්චන්ට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී තිබේ. ඔවුන් දෙදෙනාට සිදු කළ පරීක්ෂණ වලදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් රෝහල් ගත කර ඇත.

අමිතාබ් බච්චන් තමාට කෝව්ඩ් 19 වැලදී ඇති බවට අද දින සිය ට්විටර් ගිණුමේද සටහන් තබා ඇති අතර මේ වන විට තම පවුලේ සාමාජිකයින්ද පරීක්ෂාවට ලක් කරන බවත් සදහන් කර තිබේ. එම පණිවිඩයෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පසු ගිය දින 10ක කාලය තුළ තමන් ඇසුරු කළ සියලු දෙනාටද කෝවිඩ් 19 පරීක්ෂාව කරගන්නා ලෙසටයි.

 

Amitabh, Abhishek found Covid-19 positive, hospitalised - NewsWire

Leave a Reply

Your email address will not be published. Required fields are marked *