අඟුලාන පොලීසියට පහරදුන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

පසුගිය 10 වැනිදා රාත්‍රීයේදී පොලිස් වෙඩි පහරින් මියගිය අමිත් කරුණාරත්න නැමැති පුද්ගලයාගේ නඩු විභාගය අද (16) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැති අතර, ඊට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන නොමැතිවීම හේතුවෙන්
අගුලාන පොලිසිය ඉදිරි පිට ඇති වු නොසන්සුන්තාවයක් හට ගැණුනා. එම නොසන්සුන්තාවය මත ඇතිවූ තත්වය මත පුද්ගලයින් හයදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත් වන බව පොලීසිය පවසයි.

අද පස්වරුවේ ඇතිවූ නොසන්සුන්තාවය මත පුද්ගලයින් පිරිසක් අඟුලාන පොලීසියට එල්ල කල ගල් මුල් ප්‍රහාරයකින් පොලීසියේ ජනේල් වීදුරු වලට, නාම පුවරුවට සහ වාහන කිහිපයකට ද හානි සිදුවී තිබුණා. තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර අනතුරුව පොලිස් විශේෂ කාර්යය බලකායද කැදවීමට පොලීසියට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *