අඟහරුවාදා සිට බස් ධාවනය අඩු වෙයි

බස් ගාස්තු ඉහල දැමීමට අවසරය හිමි නොවීමත් කොවිඩ් ව්‍යාප්තිය මත ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේ අඩුවත් යන කරුණු පදනම්ව ලබන අඟහරුවාදා සිට දෛනිකව ධාවනය කරවනු ලබන බස්රථ ප්‍රමාණය සීයයට 50 කින් අඩු කිරිමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ පවතින තත්වය මත බස් රථ ධාවනය පාඩු සහිත බවයි.

එබැවින් පවතින තත්ත්වය මත බස් ධාවනයෙන් සම්පූර්ණයෙන් ඉවත් නොවී දෛනික බස් ධාවනය අඩු කිරිමට සැලසුම් කර ඇති බවත් ඒ පිළිඹදව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවද දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *