මුදල් ඉල්ලා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනිමට තලංගම පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ තම පියා වන මර්වින් සිල්වාට මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ලවීම හේතුවෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක්ෂට ලැබුණු පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹි ඇත.

සදුන් මාලින්ද තේනුවර නැමති ආනයන කේෂ්ත්‍රයේ නිරත ව්‍යාපාරිකයෙකුට ඉකුත් ජුනි මාසයේ සිට දුරකතන ඇමතුම් හා කෙටි පණිවුඩ එවමින් තර්ජනය කර ඇති බවටත්, මාලක සිල්වාගේ මිත්‍රයෙක් විසින් අදාළ ව්‍යාපාරිකයාට මුලින් ඡන්ද ව්‍යාපාරය සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ඉල්ලා එය නොසලකා හැරීම මත උරණ වී දිගින් දිගටම තර්ජන එල්ල කිරීම සිදුකර ඇති බවටත් තොරතුරු වාර්තා වේ. එමෙන්ම අදාළ ව්‍යාපාරිකයාගේ ෆෙස්බුක් ගිණුමේ ඡායාරූපයක් යොදාගෙන “මොහුව සොයා දෙන ලෙසට” මාලක සිල්වාගේ ෆේස්බුක් ගිණුමේ පලකර ඇති බවටද පැමිණිලිකරු පොලිසියට දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *