හෝමාගම ප්‍රා.සභාපතිටත් මරණ තර්ජන

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක මහතාට ( ජාතික ජන බලවේගය) පාතාල ක්‍රියාකරුවකු ලෙස හැඳින්වූ පුද්ගලයකු මරණීය තර්ජනය කළ බව පවසමින් සභාපතිවරයා හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

සභාපතිවරයා ඉකුත් 27 වෙනිදින මහජන දිනයේ එතුමාගේ කාර්යාලයේ පවත්වමින් සිටියදී දහවල් 12.33 ට කාර්යාලයේ ජංගම දුරකථන අංකයට එම ඇමතුම ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හඳයා ලෙස හැඳින්වූ පුද්ගලයා ” උඹ දන්නවනේ සනාට වෙච්ච දේ ” යැයි පවසමින් සභාපතිවරයාට මරණීය තර්ජනය කර ඇතැයි ඔහු ඉකුත් 28 වෙනිදින පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් සභාපතිගේ ලේකම්ගෙන්ද සාක්කි ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අදාල තර්ජනාත්මක ඇමතුම සාමාන්‍ය දුරකථන ඇමතුමකින් ලබාගෙන ඇති බවට මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *