හිටපු අටමස්ථානාධිපති ඩීඑන්ඒ පරීක්ෂණයට රුධිර සාම්පල ලබා දෙයි

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව රුධිර සාම්පලයක් ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදී තිබෙනවා.

ජුනි 12 වැනි දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් හිමිනම රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අඟහරුවාදා (16) සාම්පලය ලබාගෙන ඇත.

සැකකරුගේ රුධිර සාම්පලයක් ජුනි මස 16 වැනිදා ලබාදෙන ලෙසට නියෝග කළ අධිකරණය එම පරීක්ෂණය අවසන් වූ පසු DNA වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට දන්වා සිටියේය.

පැමිණිලිකරු විසින් වළදමා සඟවා තැබූ බව කියන ඇඳුම් මින් පෙර අධිකරණ නියෝගයක් යටතේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මැයි 4 වැනිදා යවා තිබූ බව නිට්ටඹුව පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

එම ද්‍රව්‍යවල ඩීඑන්ඒ පරීක්‍ෂාවේදී ඩීඑන්ඒ ඇලිල ඇති බව අනාවරණය වී ඇති බවත්, සංසන්දනය කිරීම සඳහා සැකකාර හිමිනමගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අධිකරණයේ අනුමැතිය ඉල්ලා ඇති බවත් පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *