විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා, ජාත්යන්තර කීර්තියට පත් ගායක අරාෂ් සහ ඔහුගේ කණ්ඩායම හමුවී තිබේ.
කොළඹ පෝට් සිටිහි පැවති සෙලෝන් මියුසික් ෆෙස්ටිවල් 2026 සංගීත උළෙලට සහභාගී වීමෙන් අනතුරුව, ඔක්තෝබර් 25 වැනිදා කොළඹ ෂැංග්රිලා හෝටලයේදී මෙම හමුව සිදු වූ බව සඳහන් වේ.
අරාෂ්ගේ ශ්රී ලංකා සංචාරය සහ ජාත්යන්තර සංගීත උළෙලට ඔහු දැක්වූ දායකත්වය අගය කිරීමේ සුහද හමුවක් ලෙස මෙය පැවති බව අමාත්ය විජිත හේරත් මහතා සඳහන් කළේය.
ජාත්යන්තර සහ දේශීය කලාකරුවන් එකම වේදිකාවකට ගෙන ඒම සම්බන්ධයෙන් උළෙල සංවිධානය කළ කමිටුවට ද අමාත්යවරයා සිය ප්රශංසාව පළ කළේය.
මෙවැනි උළෙලක් මගින් ප්රධාන පෙළේ විනෝදාස්වාද හා සංස්කෘතික උත්සව පැවැත්විය හැකි ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව සතු වර්ධනය වන විභවය මැනවින් පිළිබිඹු වන බව ද ඔහු පැවසීය.
සංචාරක, සංස්කෘතික හා විනෝදාස්වාද ක්ෂේත්රයන්හි ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාවේ ජාත්යන්තර ප්රතිරූපය තවදුරටත් ශක්තිමත් කරමින්, ඉදිරියේදී තවත් ජාත්යන්තර කලාකරුවන් සහ ලෝක මට්ටමේ උත්සව මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


