මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති අතර එතුමාව වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා අයි.ඩී.එච් රෝහලට මාරු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කර ඇත.
තවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දන්වා ඇත්තේ එතුමන්ව කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇතිබව දැනගත් විට මානව හිමිකම් කොමිසම පුදුමයට පත්වූ බවයි.